ආණ්ඩුවට සහාය ලබාදුන් මන්ත්රීවරුන් තිදෙනෙකු අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කර තිබෙනවා.
ෆයිසාල් කාසිම්, එම් එස් එම් තවුෆික්, ඉෂාක් රහුමාන් යන මන්ත්රීවරුන් තිදෙනා අද සිට පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්රීවරුන් ලෙස කටයුතු කිරීමට නියමිත අතර ෆයිසාල් කාසිම් මහතා පාර්ලිමේන්තුවේ දී මේ බව අනාවරණ කළා.