වත්මන් අමාත්‍ය මණ්ඩලය විසුරුවා හැර පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය වන පරිදි අන්තර් කාලීන පාලන තන්ත්රයක් පිහිටුවන ලෙස ආණ්ඩුවේ පක්ෂ 11ක සාමාජිකයින් අද ජනාධිපතිගෙන් ඉල්ලීමක් කළා.
විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මේ බව පැවසුවා.
“රට අරාජික තත්ත්වයකට පත්වීමට ඉඩ නොදී වහාම අන්තර් කාලීන පාලන තන්ත්රයක් පිහිටුවන්න.”
“සෑම පක්ෂයක් සමගම සාකච්ඡා කරලා අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න.”
මේ ඇමති මණ්ඩලය සම්පූර්ණයෙන් අහෝසි කරලා ඒ වෙනුවට සියලුම පක්ෂවල සහයෝගයෙන් මේ දේ කරන්න.”
“මේ කියන්නේ ජාතික ආණ්ඩුවක් ගැන නෙමෙයි. එහෙම නොවුණොත් විනාශයක් කරා තමයි යන්නේ. ජනාධිපතිට ඇත්තටම අවශ්‍ය නම් ජනතාවගේ පීඩාවන් අවසන් කරන්න මේක තමයි කරන්න පුළුවන් අවසන් උත්සාහය. එතකොට ජනතාව අරාජිකවාදී පිළිතුරු හොයන්න යන එක නතර කරයි.”