වත්මන් ආණ්ඩුව විසින් ජනතාව මහ මඟට හා පෝලිම් යුගයකට ඇද දමා ඇති බව සමගි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා.
සමගි ජන බලවේගය කැදවූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සදහන් කළේ, ජනතාව පත්ව සිටින පීඩාවන් සම්බන්ධයෙන් කිසිදු සංවේදීතාවයක් වත්මන් ආණ්ඩුව තුල නොපවතින බවයි.
මෙවර සිංහල , හින්දු අලුත් අවුරුදු සමයේ දී පවා ජනතාව පීඩාවන්ට පත්වීමට ඉඩ හැර ඇති බවටයි ජේ සී අලවතුවල මහතා චෝදනා කළේ.
මේ අතර විදුලි කප්පාදුව සම්බන්ධයෙන් ප්‍රායෝගික පියවර ගැනීමට අසමත්වීම මත පැය 10ක විදුලි කප්පාදුවක් පිළිබද විදුලි ඉංජිනේරුවන් අනතුරු අඟවමින් පවති බවද ජේ සී අලවතුවල මහතා සදහන් කළා.