ආදායම් බද්ද වැඩි කරන බව දන්වයි

ඉදිරියේදී  ආදායම් බදු වැඩි කිරීමට සිදුවන බව මුදල් අමාත්‍ය අලි සබ්රි  පාර්ලිමේන්තුවේදී අද ප්‍රකාශ කළා

පවතින  අයවැය තවදුරටත් යථාර්ථවත් නැතැයි ද ඒ නිසා ඉතා ඉක්මනින් අලුත්  අයවැයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන අතර ඒ තුළින් ආදායම් බදු වැඩි කිරීමට සිදුවෙන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කළා

” හම්බ කරන මිනිස්සු සල්ලි ටිකක් බෙදා ගත යුතුයි. නැතිනම් සමාජය කඩා වැටේවි.ඊළඟ වසර දෙක තුන ඇතුළත බදු ආදායම සියයට 15 කින් පමණ වැඩි කිරීමට සිදුවෙිවි”

පුවත යවන්න