මෙරටට භාණ්ඩ ආනයනයට පනවා ඇති සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් සිදුකර තිබෙනවා.
අදාළ තහනම හේතුවෙන් යුරෝපා නිෂ්පාදන රැසකට වෙළෙඳපොළ ට ඇතුළුවීම වැළකී ගොස් ඇති බවයි එම සංගමය පෙන්වා දී ඇත්තේ.
යුරෝපා සංගමයේ නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයින් අතර පසුගියදා පැවැති ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමකදී එම ඉල්ලීම සිදුකර තිබෙනවා.
ගෝලීය වසංගතයේ බලපෑමත් සමග විදේශ විනිමය හිඟය සැලකිල්ලට ගනිමින් අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ සඳහා තාවකාලික තහනමක් පැනවීමට ශ්‍රී ලංකා රජය පසුගිය සැප්තැම්බර් මාසයේ පියවර ගනු ලැබුවා.