පසුගිය සතියට සාපේක්ෂව මෙරට කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 35% කින් පමණ ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
එහි කොවිඩ් රෝග වැළැක්වීමේ ජාතික සම්බන්ධීකාරක විශේෂඥ වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ කොරෝනා මරණ සංඛ්‍යාව ද 15% කින් ඉහළ ගොස් ඇති බවයි.
මෙවැනි තත්ත්වයක් යටතේ කොරෝනා මර්දන බූස්ටර් මාත්‍රාව ලබාගැනීම කඩිනමින් සිදු කළ යුතු බව ද ඔහු සදහන් කළා.
වෛද්‍ය අන්වර් හම්දානි මහතා සඳහන් කළේ, මෙතෙක් කිසිදු එන්නත් මාත්‍රාවක් ලබා නොගත් ලක්ෂ 11 කට අධික පිරි එන්නත්කරණය සඳහා ජංගම එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කර ඇති බවයි.
පොදු ස්ථාන හා ආගමික ස්ථන ආශ්‍රිතව ද එන්නත්කරණ කඳවුරු පිහිටුවා ඇති බව ඔහු ප්‍රකාශ කළා.
මේ අතර පෙරේදා දිනයේ තහවුරු කරන ලද තවත් කොරෝනා මරණ 36 ක් ඊයේ වාර්තා කර වීමත් සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 15,692 ක් දක්වා ඉහළ ගියා.