ආසියාවේ යළිත් සූකර උණ වර්ධනය වෙයි

අප්‍රිකාවෙන් ව්‍යාප්තවීම ආරම්භ වූ සූකර උණ යලි ආසියාවේ පැතිර යමින් පවතින බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය පවසනවා.
විශේෂඥයන්ගේ වාර්තාවක් උපුටා දක්වමින් පෙන්වා දී ඇත්තේ මියන්මාරයෙන් හා චීනයෙන් නව සූකර උණ රෝගී තත්ත්වයන් වාර්තාවී ඇති බවයි.
මෙය මිනිසාට බලපෑම් එල්ල කිරීම අවම වුවද ඉදිරියේදී එය බරපතල මට්ටමින් ව්‍යාප්ත විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
මීට පෙර මතුවූ සූකර උණ ව්‍යාප්තිය සමග මිලියන ගණනක ඌරන් ඝාතනය කෙරුණා.
මේ වන විට ලෝකයේ ඌරන්ගෙන් අඩක චීනයෙන් වාර්තාවන අතර එම සතුන් මේ සමග අවදානමකට පත්වන බවයි බ්ලූම්බර්ග් වාර්තාව පවසන්නේ.

පුවත යවන්න