ආසාදිතයන් අඩු PCR අඩු නිසා / මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියයි

පසුගිය දින කිහිපයේ දී මෙරට කොරෝනා ආසාදිතයන් අඩු ප්‍රමාණයක් වාර්තා වූයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය වීමක් නිසා නොවන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ පසුගිය ආසන්න දිනවල සිදු කරන ලද PCR පරීක්ෂණ සංඛ්‍යාව විශාල වශයෙන් අඩු වීම නිසා මෙසේ ආසාදිතයන් අඩු සංඛ්‍යාවක් ද පෙන්නුම් කළ බවයි.

ඇතැම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වල මේ දිනවල කොරෝනා එන්නත් කරන කටයුතු කරන කිසා PCR පරීක්ෂණය නවතා දමා තිබීමද මෙයට හේතුවක් බවද ඔහු සදහන් කළා.

සිදු කරන ලද පරීක්ෂණවල ද ප්‍රතිඵල ලැබීමේ විශාල ප්‍රමාදයක් ඇති බවද පැවසූ ඔහු ‍ප‍්‍රතිඵල ලැබෙන්නේ ආසන්න වශයෙන් දින 03 සිට 10 දක්වා කාලයක් තුළ සිදුකරන ලද ඒවායේ පරීක්ෂණ ප්‍රතිඵල බවද කියා සිටියා.

එය සැලකිය යුතු මට්ටමේ අනතුරුදායක තත්ත්වයක් බවද ඒ මහතා තව දුරටත් සදහන් කළා.

පුවත යවන්න