ආසාදිතයන් ඔබ අසළ ගැවසිය හැකියි / සෞඛ්‍ය අංශවලින් දැඩි අනතුරු ඇඟවීමක්(VIDEO)

කොවිඩ් රෝගීන් ලෙස හදුනා නොගත් එහෙත් වයිරසය ශරීරය තුළ ඇති පුද්ගලයන් සමාජය තුළ විශාල වශයෙන් ගැවසීමේ ඉඩක් ඇති බැවින් ඉතා වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

වසංගත රෝග විද්‍යා ඒකකයේ පැවති මාධ්‍ය හමුවකදීයි ඒ මහතා මේ බව කියා සිටියේ. සති අන්ත නිවාඩුවෙන් පසු ප්‍රධාන නගරවලට ජනතාව රැස්වන බැවින් කොවිඩ් අවදානම පිළිබදවද දැඩි අවධානයක් යොමු කළ යුතු බවද සුදත් සමරවීර මහතා පෙන්වා දුන්නා.

පුවත යවන්න