කොරෝනා රෝගීන් රටපුරා විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසන්නේ ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි.
සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට බරපතල ගැටළුකාරී තත්ත්වයක් ඉන් මතුවිය හැකි බවත් ඔහු සදහන් කළා.
එම නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ධාරිතාව ඉහළ නංවා ගැනීම, දැඩිසත්කාර එකකවල ඇඳන් ධාරිතාව සහ පහසුකම් ඉහළ නංවා ගැනීම, අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණවත් ගබඩාවක් තහවුරු කිරීම සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට අවශ්‍ය පෞද්ගලික ආරක්ෂක උපකරණ ප්‍රමාණවත් ලෙස සැපයිම ආදි ක්‍රියාමාර්ග ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළා.