ආසාදිතයින් අඩු වුණත් අවදානම එළෙසමයි

කොරෝනා ආසාදිතයින් වාර්තා වීම යම් තරමක අඩුවක් පැවතිය ද තවමත් අවදානම පහවගොස් නොමැති බව කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය පවසයි.

මේ වන විටත් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බස්නාහිර පළාතෙන් බවයි අමාත්‍යවරිය සදහන් කළේ.

කොළඹදී මාධ්‍යට අදහස් දක්වමින් ඇය කියා සිටියේ එන්නත්කරණ වැඩපිළිවෙලද වැඩි වශයෙන් සිදුකර ඇත්තේ බස්නාහිර පළාතේ බවයි.

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රීක් දෙකෙහි වයස 30වැඩි බොහෝ පිරිසක් කොවිඩ් මර්දන එන්තතේ මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවයි එළඹෙන සති අන්තය වන විට පුර්ණ වශයෙන් එන්නත්කරණ වැඩපිළිවෙල සිදුකරන බවද රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලෙ මහත්මිය සදහන් කළා.

පුවත යවන්න