ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහ මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වසන්ත යාපා බණ්ඩාර මහතාට කොවිඩ් අසාදනය වී ඇති බව දැනුම්දී ඇත්තේ ඔහුට PCR පරීක්ෂණය සිදුකර දින 8ට පසුව බව මන්ත්‍රීවරයා හෙළිකර තිබෙනවා.
ඔහු පවසන්නේ පසුගිය ජනවාරි 16 වැනිදා කඩුගන්නාව දිසා රෝහලේ දී PCR පරීක්ෂණයකට තමන් පී සී ආර් පරීක්ෂණයකට ලක්වූ බවයි.
ස්වෙච්ඡාවෙන් ඊට ඉදිරිපත්වුවත් මන්ත්‍රීවරයාට කිසිදු අසනීප තත්ත්වයක් හෝ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කර නොමැති අතර ප්‍රමාද වූ තම පී සී ආර් වාර්තාව ගැන සොයා බැලීමක් ද සිදුකළ බව වසන්ත යාපා බණ්ඩාර මහතා පැවසුවා.
එහිදී අදාළ රෝහලෙන් දන්වා ඇති වාර්තාව ලැබීමට දින කිහිපයක් ගත වන බවයි.
ඒ අනුව සුපුරුදු පරිදි සිය දේශපාලන කටයුතුවල නිරතවෙමින් සිටි අතරතුරයි මන්ත්‍රීවරයා කොරෝනා ආසාදිතයකු බව ඊයේ දිනයේ (24) දන්වා තිබුණේ.
කෙසේ වෙතත්, මන්ත්‍රීවරයා ඊයේ රාත්‍රියේ වහාම “රැපිඩ් ඇන්ටිජන්” පරීක්ෂණයකට භාජනය වී ඇති අතර ඔහු කොවිඩ් ආසාදිත නොවන බවට එහිදී තහවුරු වූ බවද මන්ත්‍රීවරයා පැවසුවා.ඳහන් කළේය.
එසේවුවද මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා සිය ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් තමාට කොවිඩ් ආසාදනය වී ඇති හෙයින් තමා සමග පසුගිය දින කිහිපයේ සමීපව කටයුතු කළ අයට වෛද්‍ය පරීක්ෂණයකට යොමුවන ලෙස කාරුණික ඉල්ලීමක් කර තිබෙනවා.