කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ලෝක සංචාරක කවුන්සිලය විසින් ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇති බව සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පවසනවා.
ගතවු දින 11 තුළ මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 31,688ක් වන අතර විදේශිය සංචාරකයින් සඳහා රට විවෘත කිරීමත් සමග ගතවු මාස 3ක කාලය තුළ සංචාරකයින්ගේ පැමිණිමේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා.
ඒ අනුව ඔක්තෝබර් මසදී සංචාරකයින් 22,771ක්, නොවැම්බර් මසදී සංචාරකයින් 44,294 මෙන්ම දෙසැම්බර් සංචාරකයින් 89,506 දිවයිනට පැමිණ තිබෙනවා.