කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් සැප්තැම්බර් මස ආහාර කාණ්ඩයේ උද්ධමනය 94.9%ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
කොලඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව, ආහාර කාණ්ඩයේ උද්ධමනය ආගෝස්තු මස 93.7%ක් ලෙස සටහන් විය.
එසේම අගෝස්තු මස 50.2%ක් වූ ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සැප්තැම්බර් මස 57.6%ක් දක්වා ඉහළ ගොස් ඇති අති බවද මහ බැංකුව කියයි.
මිල දර්ශකය අනුව සැප්තැම්බර් මාසයේ උද්ධමනය 69.8%ක් දක්වා ඉහළ ගිය අතර එය අගෝස්තු මස 64.3%ක් ලෙස සටහන් විය.