ඇමතිකම් අතහැරිය පිරිස් තවමත් ඇමති නිල නිවාසවල / ඇමති ආරක්ෂාවක් අඛණ්ඩව

කැබිනට් මණ්ඩලය ඉල්ලා අස් වුවද  හිටපු ඇමැතිවරු තවමත් ඔවුන්ගේ නිල නිවාස,වාහන සහ වෙනත් ඇමතිවරුන්ට ලබාදෙන පහසුකම් භාවිතා කරන බව ආණ්ඩුවේ ආරංචි මාර්ග කියයි.

මිට අමතරව හිටපු ඇමැතිවරුන්ට තවමත් ඇමති ආරක්ෂකයන්ගේ රැකවරණය ලබා දෙන බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඇමැතිවරුන්ට කොළඹ කැප්පිටිපොළ මාවතේ සහ ටොරින්ටන් පෙදසහි පහසුකම් සහිත නිල නිවාස හිමි අතර හිටපු කැබිනට් ඇමැතිවරු තවමත් ඒවායේ වාසය කරන බව ද සඳහන්ය.

කැබිනට් අමාත්‍ය ධූරයෙන් ඉවත් වූ පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය පමණක් හිමිව සිටින හිටපු ඇමැතිවරුන් එම නිවාසවලින් ඉවත්ව මන්ත්‍රීවරුනට හිමි නිල නිවාසවල පදිංචියට යා යුතු නමුත් කිසිදු ඇමැතිවරයෙක් එලෙස නිවාස මාරුකර නැතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. – Lankadeepa

පුවත යවන්න