කොවිඩ් වෛරසය ආසාදනය වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිඅාරච්චි මහත්මිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සමාජ සමා්ය ගිණුමට සටහනක් තබා තිබෙනවා.
රාජ්‍ය අමාත්‍යවරිය පවසන්නේ වෛරසය ඕනෑම අයකුට වැළදිය හැකි අතර ආසාදනයවූ අයකු මුල් කර ගනිමින් අපහාසාත්මක ප්‍රචාර පතුරුවා හැරීම මානුෂීය ක්‍රියාවක් නොවන බවයි.
මේ එම සටහනයි,
” කොවිඩ් වෛරසය මිහිපිට ජීවත්වන ඕනෑම මනුෂ්‍යයෙකුට වැළදීමට ඉඩ ඇති ගෝලීය වශයෙන් පැතිර යන වසංගත රෝගී තත්වයකි.
එය අද මට හෙට ඔබට වැළදීමට ඉඩ ඇත. සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට පමණක් නොව විශේෂඥ වෛද්‍යවරුන්ට පවා වැළදී ඇති වෛරසය ඉතාම දියුණු යැයි පැවසෙන රටවල ලෝක නායකයින්ටද වැළදී ඇත. එබැවින් කොවිඩ් 19 ආසාදනය වීම ජාති, ආගම්, කුල, දේශපාලන, උස් මිටිකම් භේදයකින් තොරව ඔිනෑම අයෙකුට වැළදිය හැකි රෝගයක් බැවින් එම තත්වය තේරුම්ගෙන ඉන් ආරක්ෂාවීමට කටයුතු කිරීම ඔබ අප සියලුදෙනාගේම වගකීමය.
මේ මොහොතේදී සෞඛ්‍ය අමාත්‍ය ගරු පවිත්‍රා වන්නිආරච්චි මැතිණියටද වෛරසය ආසාදනය වී ඇති අතර කොවිඩ් මර්දන සටන වෙනුවෙන් කැපවූ ඇයට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමි.
සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස වැඩකටයුතු ආරම්භ කල ඇයට ලැබුණු ප්රමුඛ අභියෝගය කොවිඩ් 19 වන අතර ශ්‍රී ලාංකික ජනතාව ඉන් මුදවා ගැනීම සදහා ඇය විසින් ඉටුකල කාර්ය භාර්ය කිසිසේත්ම අමතක කල යුත්තක් නොවේ. එහෙත් වෛරසය ආසාදනය වූ ඇයට සමාජ මාධ්‍යතුළ ඇතැම් පිරිස් විසින් දේශපාලනික වශයෙන් සිදුකෙරෙන නින්දා අපහාස කිරීම් පිළිකුළෙන් යුතුව හෙළා දැකිය යුතු අතර මෙවැනි අවස්ථාවක මිනිස් ගුණ දම් දන්නා කිසිවෙකු විසින් එවැනි දෑ අනුමත නොකරනු ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මැතිණිය ඇතුළු වෛරසය ආසාදනය වූ සියලු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර වෛරසයෙන් ආරක්ෂා වීමට ඔබ අප සියලු දෙනාටම ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.”
විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ
(පා.ම)