ඇමති ලොහාන්ට එරෙහි පෙත්සමක් ගොනුකළ රැදවියන්ට ආරක්ෂාව සලසන්නැයි නියෝග

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ ,රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති රැඳවියන් 8 දෙනාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) නීතිපතිවරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, පසුගිය 12 වනදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළදී පිස්තෝලයක් එල්ල කර, මරණීය තර්ජනය කළේ යැයි, කියන අනුරාධපුරා බන්ධනාගාරයේ රඳවා සිටින පූබාලසිංගම් සුරියපාලම් නමැති රැඳවියා ඇතුළු පෙත්සම්කාර රැඳවියන් 8 දෙනාටයි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පසුගිය 12 වනදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරිමැදිරිවල රඳවා සිටි තමන් ඇතුළු රැදවියන් පිරිසක් සිර මැදිරිවලින් පිටතට ගෙන විත් දණ ගස්වා මරණීය තර්ජනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙසයි.

පුවත යවන්න