ඇමති විමල් ජනතාවගෙන් සමාව ගත යුතුයි / පොහොට්ටුවේ මහලේකම් කියයි

ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ මහතා ජනතාවගෙන් සමාව ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද ප්‍රකාශ කළා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය ලබාදිය යුතු යැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සිටියා.

පසුගිය දිනවල ඇතිවු විවිධ ප්‍රකාශ සහ වාර්තා සහ අප සමඟ කටයුතු කරන පුද්ගලයින් සිදුකරන ප්‍රකාශ සම්බන්ධයෙන්‍ ජනතාවට කිසියම් හෝ කරුණු පැහැදිලි කිරීමක් සිදුකීමට අවශ්‍ය යැයි නිසා. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ ඉතාමත් දැඩි විනයක් සහිත කටයුතු කරන පක්ෂයක්. අපේ පක්ෂයේ වැරදි කර කිසියම් පුද්ගලයෙක් හෝ දේශපාලඥයෙක් හෝ වෙනත් තරාතිරමක පුද්ගලයෙක් වේවා අප පක්ෂයක් හැටියට ඒ පුද්ගලයින්ට විනය මාර්ග ගත්තා. ඒ වගේම අපේ පක්ෂයේ විනය පත්වාගෙන යන්න කටයුතු කරා. අපි පක්ෂයේ විනය පක්ෂයේ මහලේකම්වරයා වන මටත් අදාළයි. එය සැමට අදාලයි. ඒ වගේම රටේ ජනතාව බලාපොරොත්තු වුණු ජනතාවට අවශ්‍ය ඒ විනය ගරුක රටට අදාරය කරන පක්ෂය බිහිකිරීම තමයි පක්ෂයට නායකය දුන් ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමාත් මේ පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මූලික අභිප්‍රාය වුණේ අපිට උපදෙස් දුන්නේ.

ඒ වගේම ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බිහිවන්නේ ඉතා සුවිශේෂි තත්වය මත. මේ රටේ යුද්ධය දිනපු මේ රට සංවර්ධනය කරපු මේ රටේ ජනතාව ආදරය කරපු නායකයා බොරු චෝදනා කරලා වැරදි විදිහට පරාජය කරලා ජනතාව නොමග යවලා ගෙදර යැව්වට පස්සේ එතුමා වටා එකතු වන ජනතා බලවේග සමඟ විවිධ කණ්ඩායම් විවිධ කාරණා කියනවා ඒත් අපි හැමෝම දන්නවා ඒ බලවේගය ගොඩනැගුණේ කවුරුත් වටා නෙවේ මහින්ද රාජපක්ෂ කියන ශ්‍රේෂ්ඨ ප්‍රතාපවත් නායකත්වය මත . ඒ නායකත්වය වටා ගොඩනැගුණු මහා ජනබලවේගයේ කූඨාප්‍රාප්තිය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට නිර්මාණය වන්නේ.

අපි පක්ෂය නිර්මාණය කරන විට මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරයෙක් හැටියට පාර්ලිමේන්තුවේ අසුන් ගන්වන තත්වයක් යටතේ අපි එතුමන්ව පරමාදර්ශි නායකයා හැටියට කටයුතු කරමින් තමයි මේ පක්ෂය ගොඩනැගුවේ. අපි බොහෝම කළගුණ දන්නා පක්ෂයක්. මේ පක්ෂයට නායකත්වය දුන්නේ මේ පක්ෂයේ ශක්තිය වුණේ හදවත වුණේ මහින්ද රාජපක්ෂ කියන ඒ ශ්‍රේෂ්ඨ චරිතයයි.

නමුත් ඊයේ පුවත්පතක විමල් වීරවංශ මහතා කර ප්‍රකාශයක් මත අපි පක්ෂයක් හැටියට යුතුකමක් හා වගකීමක් තියෙනවා විමල් විරවංශ මහතා පෙන්නලා දෙන්න එතුමා ඉන්නේ කොතැනද අපි ඉන්නේ කොතැනද කියලා. විමල් වීරවංශ මහතා ඊයේ දිනයේ දි ඉරිදා ලංකාදීප ප්‍රකාශ කරලා තියෙනවා මහින්ද රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නායකත්වයෙන් ඉවත් කොට එය ගෝඨාභය ජනාධිපතිතුමා භාර දිය යුතුයි කියලා. මේ එතුමාගේ පක්ෂය නෙවේ. එතුමාට තීරණය ගන්නත් බෑ. ඒ වගේ ප්‍රකාශයක් කරන්නත් බෑ. දේශපාලනයේදි වාසි ලබා ගන්න ඒ වගේ කුහක තැනට පත්වෙන්න පක්ෂය ලබාගන්න අපි ගන්න සූදානම් නෑ.

අපේ පක්ෂය අදට් පරමාදර්ශ නායකයා හැටියට සලකන මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය අපේ සියලු පාක්ෂිකයෝ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගත්තේ අපේ නායකයා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දිනවලා එතුමා රට වෙනුවෙන් තෝරාගත්තා. නමුත් අපේ පක්ෂ නායකත්වයට දේශපාලන වාසි සමඟ කුහකව කටයුතු කරන්නේ නෑ. අපි අපිට මනාප ටිකක් ලබා ගන්නවත් පටු දේශපාලනය කරන පක්ෂයක් නොවේ. ප්‍රතිපත්තිවලට අනුව අනාගතයට යහපත් රටක් බිහිකරන්නයි අපේ පක්ෂය සිදු කරන්නේ. අදටත් මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මේ පක්ෂයේ නායකයා. විමල්වීරවංශ මැතිතුමාට අපේ පක්ෂයේ නායකත්වය පිළිබඳව කතා කරන්න බෑ. නායකත්වය වෙනස් කරන්න කියනන් සදාචාරාත්මක නෑ. පක්ෂයේ හැටියට අසතුටට පත් වෙනවා. එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරන කෙනෙක් නිසා ජනතාවගෙන් සමාව ඉල්ලන්න ඕන.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ

පුවත යවන්න