ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දෙනවාද ?

ඇස්ට්‍රාසෙනිකා එන්නතේ දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් ලබා දීම සම්බන්ධයෙන් කඩිනමින් තීරණයක් ගන්නා බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා කළ ලිඛිත ඉල්ලීමකට අනුව මේ පිළිබද සලකා බලන බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සදහන් කළා.

ඒ අනුව ඊට අදළ කමිටුව රැස්ව ඒ සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බවයි වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ.

පුවත යවන්න