ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි භාවිත කිරීමට ප්‍රංශය,ඉතාලිය තීරණය කරයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත යළි භාවිත කිරීමට ප්‍රංශය හා ඉතාලිය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ එන්නත සම්බන්ධ දත්ත යළි සළකා බැලීමෙන් පසුවයි.
යුරෝපා ඖෂධ සම්බන්ධ නියාමන ඒකකය විසින් මේ සඳහා ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇති බවයි ප්‍රංශය පෙන්වා දෙන්නේ.
මේ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමේ දේශපාලනික අර්බුධයද මේ සඳහා බලපා ඇති බවටයි චෝදනා එල්ලවන්නේ.
කෙසේ වෙතත් යුරෝපයේ ඇස්ට්‍රාසෙනෙකා තහනම් කළ රටවල් 20න් තවත් 18ක් මේ වන විටත් එම තහනම ක්‍රියාත්මක කරමින් පවතිනවා.

More than a dozen European nations announced a halt to AstraZeneca vaccinations

පුවත යවන්න