යුනෙස්කෝ ලෝක උරුමයක් වන ඉතියෝපියාවේ ලලිබෙලා නගරය එරට කැරළිකරුවන් අත්පත් කරගෙන තිබෙනවා.
කිතුණු බැතිමතුන් හා සංචාරකයින් මිලියන ගණනක් ඉතියෝපියාවේ ලලිබෙලා නගරය නැරඹීමට වාර්ෂිකව පැමිණෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 13 වන ශත වර්ෂයට අයත් ගලින් නිම කරන ලද දේවස්ථාන පිහිටා තිබීම හේතුවෙන් ලලිබෙලා නගරය යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයක් ලෙස නම් කර තිබෙනවා.
වසර ගණනාවක සිට පැවත එන ඉතියෝපියානු කැරළිකරුවන්ගේ ගැටුම් හේතුවෙන් වැසියන් විශාල පිරිසක් වාර්ෂිකව තම රට අතහැර දමා පළා යන බවයි පැවසෙන්නේ. එමෙන්ම මිලියන ගණනක් අවතැන්ව සිටින බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.