ඉදිරියේ දී තත්ත්වය භයානක මට්ටමකට / සෞඛ්‍ය පරීක්ෂකවරු අනතුරු අඟවයි

 මේ මොහොතේ නිවැරදිව ක්‍රියාත්මක නොවුණහොත් ඉදිරි මාසයක කාලය තුළ සම්පූර්ණයෙන්ම රට අඩපණ වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා.

ඔහු පැවසුවේ දැනට තිබෙන තත්ත්වය ඉතාම භයානක තත්වයක් බව බිම් මට්ටමේ සිටින නිලධාරීන් ලෙස තම නිලධාරීන්ට පැවසිය හැකි බවයි.

එනිසා වෛරස් ප්‍රභේදය හැසිරීම කෙලෙස දැයි නිශ්චිත අදහසකට එනතුරු රටට යම් මට්ටමක සංචාරක සීමා පනවා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද රජයෙන් ඉල්ලා සිටින බව ඔහු සඳහන් කළා.

එමෙන්ම නව වෛරස් ව්‍යාප්තිය හමුවේ අනවශ්‍ය උත්සව පැවැත්වීමට දවස ලබා නොදෙන බවද ඔහු අවධාරණය කළා.

දැනට අවසර දෙන්නේ සීමිත පිරිසක් සමග සම්බන්ධ වන විවාහ මංගල උත්සව සහ අවමංගල උත්සව සඳහා පමණක් යැයිද පැවසූ ඔහු මේවා හැරුණු කොට වෙනත් කිසිම උත්සවයකට අවසර ලබා නොදෙන බව ද එවන් උත්සව සඳහා අවසර පැතීමට තම නිලධාරීන් හමුවීමට නොපැමිණෙන ලෙස ද ඉල්ලා සිටියා.

පුවත යවන්න