ඉදිරි ජනාධිපතිවරණයට තරග කරනවා – හිටපු ජනපති කියයි

ඉදිරි ජනාධිපතිවරණයට තමන් තරග කරන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වන බව ඔහු වැඩිදුරටත් පැවසුවේය.

මේ අතර හිටපු ජනාධිපතිවරයා 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය අයගෙන්ද සමාව අයැද සිටියේය.

කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ තම පාලන කාලය තුළ මෙවැනි ඛේදවාචකයක් සිදුවීම සම්බන්ධයෙන් සමාව අයදින බවත්, එම ප්‍රහාර පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවයි.

පුවත යවන්න