ඉදිරි දිනවල අනපේක්ෂිත ලෙස දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් සිදුවන බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (14 වැනිදා) ඔහු මේ බව ප්‍රකාශ කළා.
ඉන්දියාවේ ජනගහනයට සාපේක්ෂව මෙරට දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ වැඩිවීමක් පෙන්නුම් කරන බවට ජාත්‍යන්තර දත්ත වාර්තා කරන බවද ඔහු මෙහිදී කියා සිටියා.
කෙසේ වෙතත් එම තත්ත්වය පාලනය කර ගැනීමට උපරිම ලෙස කටයුතු කරන බවද ඔහු පවසනවා.
ඉදිරියේදීත් සංචරණ සීමා පවත්වාගෙන යාම මගින් යම් තරමකට මෙම දෛනිකව වාර්තා වන කොවිඩ් රෝගීන් පාලනය කළ හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා සදහන් කර තිබෙනවා.