අලුත් අවුරුදු සමයේ සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව අනුගමනය නොකිරීම මත ඉදිරියේ දී කොරෝනා ආසාදිතයින්ගේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කළා.
එහි අධ්යක්ෂ , විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසුවේ ඉදිරි සති 04ත් 6ත් අතර කාලය තුළ මෙම තත්ත්වය අපේක්ෂා කළ හැකි බවයි.
මේ අතර කොරෝනා මර්දන එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කණ්ඩායම් වෙත දෙවන මාත්‍රාව ලබාදීමට අදාළ කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව බෝ වන රෝග පිළිබඳ උපදේශක කමිටුව හෙට සාකච්ජා කිරීමට නියමිතයි.
එන්නත් මාත්‍රාව ලබාදෙන දිනය සහ එන්නත්කරණ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යන ආකාරය පිළිබඳ එහිදී අවධානය යොමු කිරීමට නියමිත වනවා.