ප්‍රධාන පෙළේ ගෝලීය ආයතන සමඟ එක්ව ඉන්දියාව කොරෝනා එන්නත් නිකුත් කිරීම හරහා මාරාන්තික කෙරෝනා වෛරසයෙන් ලෝකය බේරාගෙන ඇති බව හූස්ටන්හි බේලර් වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති ආචාර්ය පීටර් හොටෙස් පවසනවා.
මේ මොහොතේ ඉන්දියාවේ එන්නත් නිෂ්පාදන ක්‍රියාවලිය නොපැවතියේ නම් ලෝකයේ ඉරණම වඩා වෙනස්විය හැකිව තිබූ බවයි ඔහු පවසන්නේ.
මේ වන විටත් රටවල් ගණනාවකටම කොරෝනා එන්නත් සම්පාදනය කිරීමට ඉන්දියාව පියවර ගෙන ඇති අතර එම රටවල කොරෝනා අවදානම පහත යමින් පවතින බවද ආචාර්යවරයා පවසනවා.
ඒ අනුව මේ මොහොතේ ඉන්දියාව ලබාදෙන දායකත්වය සුළුකොට නොතැකිය යුතු බවයි ඔහු අවධාරණය කළේ.