ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගෙන තිබූ ඩොලර් මිලියන 400ක ණය මුදල ගෙවා දමා තිබෙනවා.
ශ්‍රී ලංකා මහ බැංකුව එය තහවුරු කළ අතර එම පණිවිඩයේ දැක්වෙන්නේ ඉන්දියාව හදිසියේ මෙම ණය මුදල ඉල්ලා නොසිටි බවයි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය හා ඇතැම් වාර්තා උපුටා දක්වමින් ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව යළි ගෙවීමට ප්‍රමාදවී තිබූ මෙම ණය මුදල වහා ගෙවා දමන්නැයි ලංකාවට දැනුම්දී තිබූ බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව එම මතය ප්‍රතික්ෂේප කර තිබෙනවා.
The CBSL settled its Swap facility with Reserve Bank of India as scheduled. There was no special request from India for a premature settlement as erroneously reported by certain media outlets. Discussions on future collaboration continue.
— CBSL (@CBSL) February 5, 2021