ඉන්දියාවෙන් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 261 ,000 ක් බවට පත්ව තිබෙනවා.
මෙය දිනක් තුල එරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයන් ගණන බවයි , ඉන්දීය මාධ්‍ය වාර්තා සදහන් කළේ.
ඊයේ දිනයේ පමණක් මහාරාෂ්ට ප්‍රාන්තයෙන් ආසාදිතයන් 67,000 ක් හඳුනාගෙන තිබුණා.
ගතවූ දිනයේ මරණ 1500 ක් ද එරටින් වාර්තා වන බවයි තහවුරු කර ඇත්තේ.
මෙම වසරේ මුල් මාස 3 තුල ඉන්දියාවේ දෛනික කොරෝනා ආසාදිතයන් ගණන 10,000 ක් දක්වා අවම මට්ටමකටයි පත්ව තිබුණේ.