ඉන්දියාවෙන් හමුවූ කොරෝනා වෛරසයේ නව විකෘතීන් 240න් එකක් බරපතල මට්ටමේ පවතින බව අනාවරණවී තිබෙනවා.
එන් ඩී ටීවී පුවත් සේවය වාර්තා කළේ ,මහාරාෂ්ට ප්‍රාන්තයෙන් වාර්තාවන මෙම විකෘති ප්‍රභේදය කේරළ .මධ්‍ය ප්‍රදේශ් , චතිස්ග්රා සහ පන්ජාබ් ප්‍රාන්තයේ ව්‍යාප්ත වෙමින් පවතින බවද හෙළිව ඇති බවයි.
මේ පිළිබද අධ්‍යයන සිදුකළ වෛද්‍ය රන්දීප් ගුලේරියා පවසන්නේ මෙම විකෘති ප්‍රභේදය වැඩි වේගයකින් ව්‍යාප්ත වන බව හා පහසුවෙන් මිනිස් සෛල වලට බලපෑම් කරන බවද හදුනාගත් බවයි.
පසුගිය සමයේ ඉන්දියාවේ කොරෝනා ව්‍යාප්තිය අවම මට්ටමට ළගාවුවද ඉදිරියේදී යලිත් බරපතල මට්ටමක් ඇති කිරීමට මෙම විකෘති ප්‍රභේදය සමත් වනු ඇති බවට ද අනත-ුරු අඟවා තිබෙනවා.
ඒ අනුව වහාම සෞඛ්‍ය ආරක්ෂිත පියවර වෙත යොමුවන ලෙසත් එන්නත් පිළිබද පමණක් අපේක්ෂා නොතබන ලෙසත් ඉන්දියානුවන්ට අනතුරු ඇඟවීමටයි පියවර ගෙන ඇත්තේ.