ඉන්දියාවේ ග්ලැසියර අනතුරෙන් 10ක් මිය ගිහින් / 170ක් තවමත් අතුරුදන්

ඉන්දියාවේ උත්තර්කන්ද් ප්‍රාන්තයේ ග්ලැසියරයක් කැඩී වේල්ලකට ඇද වැටීමේ සිද්ධියෙන් පසු මේ දක්වා පුද්ගලයන් 170 දෙනකු අතුරුදන්ව සිටින බව එන් ඩී ටීවී පුවත් සේවය පවසනවා.
ඒ අතරට අදාළ වේල්ලේ ඉදිකිරීම් සඳහා සම්බන්ධව සිටි 148 දෙනකු හා ඊට පහත නිම්නයේ ගම්වාසීන් විසි දෙදෙනකු ද ඊට ඇතුලත් .
මේ අතර විනාශ වූ වේල්ලේ උමගක් තුල සිරව සිටි පුද්ගලයන් 12 දෙනකු මුදාගෙන ඇති අතර ඊට කිලෝමීටර දෙකහමාරක් දුරින් පිහිටි තවත් උමගක් තුල තවත් 30 දෙනකු සිරවී සිටින බවයි අනාවරණවී ඇත්තේ.
එම පිරිස බේරා ගැනීම සඳහා ඉන්දීය ආරක්ෂක අංශ විශේෂ මෙහෙයුමක නිරත වනවා.
මෙම ස්ථාන දෙක අතර දුරට ජල පහර කඩා වදින තෙක්ම එහි සේවකයන්ට පෙර දැනුම්දීමක් පවා සිදුකිරීමට අවස්ථාව අහිමිවී තිබුණා.
ඒ අනපේක්ෂිත මට්ටමේ ප්‍රබලත්වයකින් දැවැන්ත ජල ධාරාව හා පාෂාණ නිම්නයට ඇද වැටීම මතයි.
අතුරුදන්වූවන් පිළිබද පවතින අපේක්ෂාවන් ද අවම මට්ටමක් දක්වා පහතවැටී ඇති බවයි ඉන්දීය බලධාරීන් පවසන්නේ.
මීට වසර දෙකකට පෙර සිටම හිමාලයේ ග්ලැසියර කඩා වැටීමේ අවදානම පිළිබද අනතුරු අගවා තිබුණා.
ඒ ගෝලීය උණුසුම වර්ධනය වීමේ ප්‍රතිඵලයක් ලෙසයි.
ඒ අනුව මෙවන් අවදානම් ඉදිරියේදීත් මතුවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

පුවත යවන්න