ඉන්දියාවේ ග්ලැසියර කඩා වැටීමේ මරණ ඉහළට / 200ක් තවමත් අතුරුදන්

ඉන්දියාවේ උත්තර්කන්ද් හී ග්ලැසියරයක් කඩා වැටීමෙන් මිය ගිය සංඛ්‍යාව 26 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ND TV පුවත් සේවය වාර්තා කළේ , තවත් 200ක පමණ පිරිසක් මේ වන විටත් අතුරුදන් බවයි.
අනතුරෙන් පසු මේ දක්වා සිදුකරන සෝදිසි මෙහෙයුම්වලදී ආරක්ෂිතව බේරාගැනීමට සමත්ව ඇත්තේ 25 දෙනකු පමණයි.
තවත් 34 දෙනකු එම ස්ථානයේ උමගක් තුල සිරව සිටින බවට සාධක ඇති අතර ඔවුන් බේරා ගැනීම සඳහා මීටර 70ක පමණ මඩ හා පස් තටුට්වක් ඉවත් කිරීමට සිදුව තිබෙනවා.
ඔවුන් බේරා ගැනීමේ මෙහෙයුම් මේ වන විටත් සිදුවන බවයි ඉන්දීය බලශක්ති අමාත්‍ය ආර් කේ සිං පැවසුවේ.
මෙම අනතුරට පෙර මඩ සහිත දිය පහරක්  නිරීක්ෂණය කර තිබුණ ද අනතුර සිදුවන තෙක්ම ග්ලැසියරය පුපුරා යන බව විශ්වාස නොකළ බවයි ආසන්න ගම්වාසීන් පවසන්නේ.

 

පුවත යවන්න