ඉන්දීය සාගර කලාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කිරීමට නියමිත ගිවිසුම් තුනක තොරතුරු ජනතාවට සහ පාර්ලිමේන්තුවට හෙළි කරන ලෙස පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් උන්වහන්සේ සඳහන් කළේ, දෙරටේම ආරක්ෂාව සම්බන්ධ ගිවිසුම් තුනක් සහ සමුද්‍රීය ආරක්ෂාව සඳහා සහයෝගීතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරන විධිවිධාන තුනක් සඳහා ගිවිසුම් අත්සන් කිරීමට ආසන්න බව හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති බවයි.
ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1 ක ණයක් ලබා ගැනීමේදී අත්සන් කළ ගිවිසුම ද මෙතෙක් ප්‍රසිද්ධියට පත් කර නොමැති බව ද උන්වහන්සේ සඳහන් කළා.
මේ අතර ශ්‍රී ලංකාව සහ චීනය අතර තාවකාලික නිදහස් වෙළඳ ගිවිසුමක් අත්සන් කර ඇති බව ද උන්වහන්සේ පැවසුවා.
උතුරේ, නැඟෙනහිර හෝ රටේ වෙනත් ප්‍රදේශවල ජාතික සම්පත් කොල්ලකෑමට හෝ පවාදීමේ කුමන හෝ කුමන්ත්‍රණයකට හෝ උත්සාහයකට එරෙහිව තමන් නැගී සිටින බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ සිය ලිපියෙන් දැඩිව ප්‍රකාශ කර තිබුණා.
මෙම සැලැසුම් ශ්‍රී ලංකාවේ ආර්ථික සහ දේශපාලන ස්වෛරීභාවය ඉන්දියාවට පාවා දෙන බවයි ලිපියේ දැක්වෙන්නේ.