ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා දෙවන කොරෝනා එන්නත් මාත්‍රාව ද ලබාගෙන තිබෙනවා.
ඉන්දීය සෞඛ්‍ය විද්‍යා ආයතනයේ දී ඔහු එන්නත් මාත්‍රාව ලබාගත් බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ.
ඉන් පසු මාධ්‍ය අමතමින් ඉන්දීය අගමැතිවරයා පවසා ඇත්තේ , කොරෝනා වසංගතය පරාජය කිරීම සඳහා එන්නත් ලබාගැනීම ඉතා වැදගත් බවයි.
ඒ වෙනුවෙන් ඉන්දියානුවන් උනන්දු කරන බවද නරේන්ද්‍ර මෝදි මහතා සදහන් කළා.