ඉන්දීය ආධාර යටතේ ගාල්ලේ නිවාස 50ක ව්‍යාපෘතියක්

ඉන්දියානු නිවාස ව්‍යාපෘතිය යටතේ ගාල්ල වලහන්දුව වතුයායේ නිවාස 50 ක් ඉදිකිරීම සඳහා කටයුතු සැලසුම් කර තිඛෙනවා.
ඒ අනුව වැවිලි කර්මාන්ත අමාත්‍ය ආචාර්ය රමේෂ් පතිරණ, වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය ජීවන් තොන්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මේ සඳහා මුල්ගල තැබුණු බවයි නිවේදනය කෙරුණේ.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා වීඩියෝ පණිවිඩයක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ මෙම අභියෝගාත්මක සමයේ දී ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය ශ්‍රී ලංකාවට ලබා දෙන බවයි.
ඉන්දීය අගමැතිවරයා පොරොන්දු වූ අයුරින් වතුකරය සඳහා නිවාස 10,000 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කරන බව ද මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළා.

පුවත යවන්න