ඉන්දීය කොවිඩ් ප්‍රභේදය සමාජ ගත වීමට ඉඩක් නැහැ

ඉන්දියානු කොවිඩ් ප්‍රභේදය මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් හමු වූ නමුත් එය සමාජය වෙත ව්‍යාප්ත නොවන ආකාරයට නිරෝධායන ක්‍රමවේදයක් ක්‍රියාත්මක බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවැසීය.

මෙරටට පැමිණෙන ඉන්දියානුවන් ඇතුළු සියලුම පුද්ගලයන් සමාජයට එකතු වන්නේ නිරෝධායන ක්‍රියාවලියට ලක් කර බවද හෙතෙම පෙන්වා දෙන්නේය. නිරෝධායන මධ්‍යස්ථානයක සිටි පුද්ගලයකු පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් පසු මේ බව අනාවරණය වී ඇත.

පසුගිය මාසයේ දී ඉන්දියානුවන් 680ක් මෙරටට පැමිණ ඇත්තේද නිරෝධායන ක්‍රමවේදයන් යටතේ බව හෙතෙම පෙන්වා දෙයි.

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් පැමිණෙන මාර්ග පවා නාවික හමුදාව මේ වන විටත් ආවරණය කරමින් පවතින බවද ඔහු කියා සිටී.

තිස්ස රවීන්ද්‍ර පෙරේරා

පුවත යවන්න