ඉන්දීය ධිවරයන් සමග සබඳතා එපා / ලංකාවේ ධීවරයන්ට පණිවිඩයක්

ජාත්‍යන්තර මුහුදේදී ඉන්දීය ධීවරයින් සමග සබඳතා පැවැත්වීමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව උතුරේ ධීවරයින්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ධීවර දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ කල්‍යාණි හේවාපතිරණ මහත්මිය සඳහන් කළේ, පවත්නා බරපතල මට්ටමේ කොරෝනා අවදානම මත ඉන්දීය ධීවරයින් සමග ගනුදෙනු සහ භාණ්ඩ හුවමාරු සිදු නොකරන ලෙසට ද ධීවරයින්ගෙන් ඉල්ලා සිටින බවයි.

කහ වැනි නීති විරෝධී භාණ්ඩ ගෙන ඒමෙන් වළකින ලෙස ද දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

පුවත යවන්න