ඉන්දුනීසියාවේ මාරක ගිනි කන්ද සක්‍රීයයි

ඉන්දුනීසියාවේ දරුණුතම ගිනි කන්දක් වන මෙරාපි ගිනි කන්ද සක්‍රීය වී තිබෙනවා.

ඉන්දුනීසියාවේ ජාවා දුපත්වල  පිහිටා ඇති මෙම ගිනි කන්දෙන් මේ වනවිටත් දුමාරයක් සහ අලු පිටවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ලාවා සහ විෂ වායූන්ද මෙම ගිනි  කන්දෙන් නිකුත් වීමට පටන් ගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති කිහිපයේදීම මෙම කන්දෙන් අලු සහ දුම පිටවුණු බවයි වාර්තා වන්නේ. ඒ සමගම එම ප්‍ර දේශයේ ඇති ගම්මානවල ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීමටයි පියවර ගැණුනේ. මෙරාපි ගිනි කන්ද අවසන් වරට සක්‍රීය වූයේ 2010 වසරේදීයි. එහිදී සිදුවූ අනතුරින් පුද්ගලයින් 350 කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා.

 

පුවත යවන්න