ඉන්දු චීන ගැටුම් ගැන සමාජ මාධ්‍යයේ සටහන් කළ ප්‍රකට බ්ලොග්කරුවකු අත්අඩංගුවට

ගැල්වාන් නිම්නයේ හටගත් ගැටුම්වලින් මිය ගිය චීන සෙබළුන් හා තුවාලකරුවන් පිළිබද සමාජ මාධ්‍ය තුල අදහස් පල කළ චීනයේ ප්‍රකට බ්ලොග්කරුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නැන්ජින් මහජන ආරක්ෂක කාර්යාංශය පවසන්නේ සමාජය තුල නොසන්සුන්තාවයක් ඇතිවන ප්‍රකාශ පළ කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පියවර ගන්නා බවයි.
ඒ අනුව වසර 10ක සිර දඩුවමක් ලැබීමේ අවධානමකට ඔහු මුහුණ පා සිටිනවා.
වෙයිබෝ සමාජ මාධ්‍ය තුල මිලියන 2.5 ක් එම තැනැත්තාගේ ගිණුමේ සිටින අතර එවන් පිරිසකට සෲණාත්මක මතවාද පැතිරවූ බවටයි චෝදනා එල්ල කර ඇත්තේ.
ඉකුත් වසරේ හටගත් ඉන්දු චීන දේශසීමා ගැටුමෙන් ඉන්දීය සෙබළුන් 20ක් හා චීන සෙබළුන් 4ක් මරණයට පත්වුණා.

පුවත යවන්න