ඉන්දු – චීන නව සාකච්ජාවත් සාර්ථකයි

ඉන්දු – චීන දේශසීමා ගැටලු විසදීමේ නව සාකච්ජාව සාර්ථක වී තිබෙනවා.
ඒ දෙරටේ හමුදා නියෝජිත කණ්ඩායම් අප්‍රේල් 9 වනදා මුණ ගැසුණු අවස්ථාවේ දීයි.
මෙහිදී දේශසීමාව තුල භටයන්ට නායකයින්ගේ එකඟතාවයෙන් මග පෙන්වීම,සන්නිවේදනය හා සංවාදය දිගටම කරගෙන යාම සහ ඉතිරි ගැටළු කඩිනමින් විසඳා ගැනීම සඳහා කටයුතු කිරීම වැදගත් බව දෙපාර්ශ්වයම එකඟ වූ බව එම ප්‍රකාශයේ සඳහන්.
භූමියේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත්, නව සිදුවීම් වළක්වා ගැනීමටත්, දේශසීමා ප්‍රදේශවල සාමකාමීව පවත්වා ගැනීමටත් තවත් එ3තාවයක් ඇති කරගෙන තිබෙනවා.
දෙරට අතර වසරකට ආසන්න කාලයක් හමුදා ගැටුමක නියැලී සිටියද,හමුදා හා දේශපාලන මට්ටම්වල පුළුල් සාකච්ඡාවලින් පසු පෙබරවාරි මාසයේ දී වඩාත් විවාදාත්මක පැන්ගොං වැව ප්‍රදේශයෙන් හමුදා ඉවත් කර ගනු ලැබුවා.

පුවත යවන්න