ඉන්දියාව සහ චීනය අතර සම්බන්ධතාවය තීරණාත්මක සන්ධිස්ථානයක පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් මහතා පවසනවා.
13 වන සමස්ත චීන අධ්‍යයන සමුළුවේදී අදහස් දක්වමින් ජයශංකර් මහතා පැවසුවේ දෙරට විසින් ගනු ලබන තේරීම් ඉදිරියේදී මුළු ලෝකයටම ප්‍රබල ප්‍රතිවිපාක ගෙන දිය හැකි බවයි.
පසුගිය වසරේ ලඩාක් හීදී ඉන්දීය හමුදාව සහ චීන හමුදා අතර හටගත් ගැටුම දෙරට අතර සබඳතා දුර්වල කර තිබුණා.
මෙතෙක් දෙරටේ දේශසීමා තුල සාමය පැවතීම ලෝකයේම සාමය සඳහා මුල්වූ අතර 2020 දී හටගත් එම අවාසනාවන්ත සිදුවීම යළිත් සාමය දුරස් කරන ලද බවද ඉන්දීය විදේශ ඇමතිවරයා පැවසුවා.
පසුගිය වසරේ අප්‍රේල් සිට මැයි දක්වා කාලය තුළ දෙරට අතර විවිධ මතගැටුම් හටගත් අතර චීනය දේශසීමා අශ්‍රිතව දැවැන්ත යුධ බලයක් ගොඩනගමින් පවතින බවයි ඔහු කියා සිටියේ.
ඊට ප්‍රතිචාර ලෙස ඉන්දියාව ද ඒ සදහා සූදානමින් යුධ බලය ගොඩනගන ලද බව ජයශංකර් මහතා කියා සිටියා.
මෙම තත්ත්වයන් සමනය කිරීම සඳහා ඉන්දියාව සිදුකළ කැපකිරීම් චීනය නොසලකා හැර ඇති බවයි ඉන්දීය විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ.