ඉන්දු පකිස්ථාන දේශසීමාවේ ඉන්දියාව දැවැන්ත කොඩි ගසක්

72 වන ජනරජ දිනය මුල් කර ගනිමින් ජම්මු කාශ්මීරයේ ඉන්දීය – පකිස්ථාන දේශසීමාවේ අඩි 131 ක් උස ඉන්දීය කොඩි ගසක් සිටුවීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා.
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ අඩි 30 ක් පළලින් හා අඩි 30ක් උසින් මෙම ධජය යුක්ත වන බවයි.
මෙය තම රටේ අභිමානය පෙන්නුම් කිරීම සඳහා නිර්මාණය කළ බවයි ඉන්දීය දේශසීමා ආරක්ෂක බලඝනය පවසන්නේ.
එය ලෝකයේ විශාලතම කොඩි ගස්වලින් එකක් බවද මෙම වාර්තාවේ සදහන්.

පුවත යවන්න