ඉන්දු පකිස්ථාන සාම ගිවිසුමට කාශ්මීරයේ ප්‍රසාදය

ඉන්දියාව හා පකිස්ථානය අතර දේශසීමේ ගැටුම් වැළැක්වීමට ගත් එකඟතාවය පිළිබද කාශ්මීරයේ වැසියන් ස්තුතිය පළකර තිබෙනවා.
ඒ දෙපාර්ශවය අතර කාශ්මීරය මුල්කරගත් ගැටුම් හේතුවෙන් කාශ්මීරයේ ජනතාව අඛණ්ඩව පීඩාවට පත්වීම සමගයි.
පාකිස්ථානය මේ සදහා ඉදිරිපත් කළ යෝජනාවට එකඟතාවය පළකිරීම පිළිබද ඉන්දීය මධ්‍යම රජයටද කාශ්මීර වැසියන් ස්තුතිය පළකරන බවයි ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ.
මේ අතර දිගුකාලීන සාමයක් වෙනුවෙන් ඉන්දු පකිස්ථාන සාකච්ජා ක්‍රියාත්මකවීමට නියමිත බවද එම වාර්තා පෙන්වා දෙනවා.
එය දෙරටටම සුබවාදී තත්ත්වයක් බවයි කාශ්මීර වැසියන් පවසන්නේ.

පුවත යවන්න