ඉන්ධන ප්‍රමිතියේ ප්‍රශ්නයක් නෑ / ඇමති ලොකුගේ

මෙරටට ගෙන්වන ඉන්ධනවල ප්‍රමිතියේ කිසිදු ගැටලුවක් නැති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා අවධාරණය කරනවා. ලොව ප්‍රමුඛපෙලේ පරීක්ෂණාගාර තහවුරු කිරීම්වලින් පසුව ඉන්ධන තොග මෙරටට රැගෙන එන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

ඩීසල් සහ පෙට්‍රල් වල ප්‍රමිතිය සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සදහා වෘත්තිය සමිති කිහිපයක් ඊයේ ප්‍රමිති ආයතනයට පැමිණිය ද කිසිදු නිලධාරියෙකු ඊට ප්‍රතිචාර දැක්වූයේ නැහැ. ඒ සම්බන්ධයෙන් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගෙන් විමසීමක් කළ අතර එහිදීයි අමාත්‍යවරයා මෙම අදහස් පල කළේ.

පුවත යවන්න