ඉන්ධන මිල වැඩිකිරීමේ වගකීම භාරගෙන ඉල්ලා අස්වෙන්න /පොහොට්ටුව ගම්මන්පිලට කියයි

ඉන්ධන මිල ඉහළ දැමීමේ වගකීම විෂය භාර අමාත්‍යවරයා භාර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි පීඩාවකට පත්ව සිටින අවස්ථාවක මෙවැනි තීරණ ගැනීම පිළිබද පක්ෂයේ දැඩි අවධානයට ලක්ව ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නිකුත් කළ නිවේදනයක දැක්වේ.

පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතිඥ සාගර කාරියවසම්ගේ අත්සනින් යුක්තව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳ විෂබ භාර අමාත්‍යවරයා සම්පූර්ණ වගකීම භාරගෙන ඉල්ලා අස්විය යුතු බවයි.

 

පුවත යවන්න