ඉරානයට යළිත් දැඩි මතධාරී ජනපතිවරයෙක්

ඉරානයේ නව ජනාධිපතිවරයා ලෙස දැඩි මතධාරියකු ලෙස හඳුන්වන එරට හිටපු අගවිනිසුරු ඉබ්‍රහීම් රයිසී පත්වී තිබෙනවා.
ඒ ප්‍රතිවාදීන්ට මැතිවරණයට පිවිසීමට තහනම් කරමින් හා බලපෑම් කරමින් පසු පැවැති මැතිවරණයකදීයි.
ඉරාන ඉතිහාසයේ අඩුම ජන්ද ප්‍රකාශ කිරීමක් ද මෙවර සිදුව තිබුණා.
ඒ අනුව ප්‍රකාශිත ජන්ද සංඛ්‍යාව සියයට 48 ක්.
නව ජනාධිපතිවරයා යටතේ ඉරානය හා ජාත්‍යන්තර පාර්ශව අතර ගැටළු වර්ධනය විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

පුවත යවන්න