ඉරානයේ වරායක මෙහෙයුම් ඉන්දියාව අතට

මධ්‍යම ආසියාවේ ප්‍රධානතම නාවික මධ්‍යස්ථානයක් වන ඉරානයේ චබාහාර් වරායේ පූර්ණ මෙහෙයුම් ආරම්භ කිරීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.
ඒ ඉරානය සමග ඇති කරගත් වරාය සංවර්ධන එකඟතාවයක් අනුව එම වරායේ කොටසක පාලනය හිමිකර ගනිමිනුයි.
ඉරානයට පමණක් නොව ඇෆ්ගනිස්ථානයට සහ මධ්‍යම ආසියානු රටවලට ද භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ මාර්ගයක් ලෙස ඉරානයේ ගිනිකොනදිග වෙරළ තීරයේ ඕමාන් බොක්ක ආශ්‍රිතව මෙම වරායේ කොටසක් ඉන්දියාව සංවර්ධනය කරමින් පවතිනවා.
මැයි මස අග වන විට ඉරානයේ චබාහාර් වරායේ පූර්ණ පරිමාණයේ මෙහෙයුම් ආරම්භ කිරීමට ඉන්දියාව අපේක්ෂා කරන බවයි ඉන්දීය නාවික කටයුතු ඇමතිවරයා පවසන්නේ.
ඉරානයට එක්සත් ජනපදය විසින් පනවා ඇති සම්බාධක මගින් වරායේ සංවර්ධනය මන්දගාමී වූ අතර ඉන්දීය නිලධාරීන් ජනාධිපති ජෝ බිඩෙන් යටතේ වොෂිංටනය හා ටෙහෙරානය ගැටළු සමනය කරමින් වරායේ කටයුතු ඉදිරියට ගෙනයමින් පවතිනවා.
මේ යටතේ ඉදිරි වසර 10 වෙනුවෙන් එම වරායේ පර්යන්ත 2ක් ඉන්දියාව සතුවීමට නියමිතයි.

පුවත යවන්න