ඉරානය න්‍යෂ්ඨික අවියකට ළංවෙලා/ පරමාණු බලශක්ති ඒජන්සිය අනතුරු අඟවයි

ඉරානයේ න්‍යෂ්ඨික අවි සදහා වන යුරේනියම් බලගැන්වීම බරපතල මට්ටමකට ළගාවී පවති බවට ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අනතුරු අඟවා තිබෙනවා.
එම ඒජන්සිය නිවේදනය කළේ දැනට පවතින දත්ත අනුව 2015 න්‍යෂ්ඨික සම්මුතියට එළඹෙන මට්ටමට වඩා 14ක ගුණයක යුරේනියම් සංචිත ඉරානය සතු බවයි.
ඒ අනුව න්‍යෂ්ඨික බෝම්බයක් නිපදවීමේ සීමාවට ඉරානය ළගාවී පවතින බවද මෙමගින් පෙන්වා දී තිබෙනවා.
ඒ අනුව ලෝකය වහාම න්‍යෂ්ඨික සම්මුතියට ඉරානය කැදවීමට අවශ්‍ය පියවර ගත යුතු අතර එය ප්‍රමාදවීම න්‍යෂ්ඨික අවියක මට්ටමකට ඉරානය ළගා කරනු ඇති බවයි ජාත්‍යන්තර පරමාණු බලශක්ති ඒජන්සිය අවධාරණය කරන්නේ.

පුවත යවන්න