ඉහළම ආර්ථික අවදානම ශ්‍රී ලංකාවේ / බ්ලූම්බර්ග් හෙළිකරයි

ආසියානු පැසිෆික් කලාපයේ ඉහළම ආර්ථික අවදානමක් පවතින රට ශ්‍රී ලංකාව බව බ්ලූම්බර්ග් වෙබ් අඩවිය අනාවරණ කර තිබෙනවා.
මේ වන විට පවතින උග්‍ර විදේශ විනිමය හිඟය සමග ලබාගෙන ඇති ජාත්‍යන්තර ණය පියවීමේ බරපතල අර්බුධයක් ලංකාව හමුවේ පවතින බවයි බ්ලූම්බර්ග් වාර්තාව පෙන්වා දෙන්නේ.
ජුලි මාසය තුලදී ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවීමට ලංකාවට සිදුව ඇති අතර එය අපහසු තත්ත්වයක් බව ද වාර්තාව පවසනවා.
කෙසේ වෙතත් එම ණය වාරිකය ගෙවීමට ලංකාව දැනටමත් කටයුතු කරමින් පවතින බව ශ්‍රී ලංකා රජය ප්‍රකාශ කර ඇති බවයි බ්ලූම්බර්ග් වාර්තාව සදහන් කළේ.
මේ වන විටත් විදේශීය මුදල් රටින් බැහැරවීම වැලැක්වීමට ශ්‍රී ලංකාව කටයුතු කර තිබෙනවා.
මෙම අර්බුධය හේතුවෙන් චීන ණය මත නොරැදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා සම්බන්ධ වන ලෙස බලපෑම් වර්ධනය වන බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ.
මෙරට ණය යළි ගෙවීමේ අර්බුධය 2021 දී සමනය කර ගත්තද 2022 දී එය අභියෝගයක් ලෙස පෙන්වා දී තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ප්‍රාග්ධන පාලනයන් පිළිබඳව ද ආයෝජකයින් කනස්සල්ල පළකරන බවද එහි දැක්වෙනවා.

පුවත යවන්න