ඊයේ දිනයේ කොරෝනා මරණ 47 ක්

තවත් කොවිඩ් මරණ 47ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

ඊයේ (29) දින සිදුව ඇති එම මරණවලින් එක් මරණයක් වයස අවුරුදු 30ට අඩු පුද්ගලයෙකුගේ බවට තහවුරු කරතිබුණා.

වයස අවුරුදු 30 – 59ත් අතර පුද්ගලයින් 12ක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඉන් 10ක් කාන්තාවන්.

මේ අතර වයස අවුරුදු 60 සහ ඊට වැඩි පුද්ගලයින් 34ක් ඊයේ දිනයේ දී කොවිඩ් හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අනුව මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 3,077ක්.

පුවත යවන්න