ඊයේ වැඩිම ආසාදිතයන් කොළඹ කොටුව, පේදුරුතුඩුව හා ලාහුගලින්

ගතවූ දිනය තුල කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් , 103 ක් වාර්තා වුණා.
කොළඹ කොටුවෙන් ආසාදිතයන් 37 යි.
ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 88 ක් වාර්තා වූ අතර ඉන් 14 ක් කැළණියෙන් හඳුනා ගැණුනා.
අම්පාර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 53 යි. ලාහුගලින් 24ක් , හුළන්නුගේ ප්‍රදේශයෙන් 21ක් ඊට ඇතුලත්.
නුවරඑළියෙන් ආසාදිතයන් 48 යි.
බගවන්තලාවෙන් 23ක් වාර්තා වුණා.
පේදුරුතුඩුවෙන් ආසාදිතයන් 26 ක් හා මුලතිව් මාන්තෙයි ප්‍රදේශයෙන් ආසාදිතයන් 24 ක් වාර්තා වුණා.

 

පුවත යවන්න